ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ හිටපු අමාත්‍යවරයකු වූ මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න හා මාලකගේ ආරක්ෂකයන් සිවු දෙනෙක් ද රියදුරා ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. යුද හමුදා මේර්වරයකුට පහර දුන්නැයි මාලක ඇතුළු පිරිස අද පෙරවරුවේ පොලිසියට බාර වූහ.
ලංකාදීප 2012/09/17
Monday, September 17, 2012

0 comments:
Post a Comment